හමුවීම වෙන්වීම ලෝකේ හැටි..
හැම භවයේ අපි මෙහෙම සමුගන්නැති..
අපෙ වැරදි නොව ඒ මේ සසරේ හැටි..
හැම සතුට කෙළවරම දුකකුත් ඇති..
හදේ උතුරනා විරහ වේදනා
දරාගන්න දෝ මා කෙසේ..
මගේ පණ ඔයා දුකින් ඉන්නෙපා
සිතින් සෑමදා මා ඔබේ..
ඔබෙ සතුට පතලා ඈත්වීලා යනවා
මුන නොගැහෙනා සේ යලී..
අවසාන මොහොතේ ඔබෙ දෑස දැකලා
මියැදෙන්න තිබුනොත් ඇති..
ඔබෙ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා..
එක්වෙන්න මතු යුගයේදී - පෙරුමන් පුරා මා ඉමී..
අතගන්න මතුදා ඔබෙ වෙන්න පතලා
මා කෙරුව පින් මදි ඇති..
ඔබෙ කඳුළු පිසදා හිනැහෙන්න සැමදා..
සැනසෙන්න මට ඒ ඇති..
ඔබෙ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා..
එක්වෙන්න මතු යුගයේදී - පෙරුමන් පුරා මා ඉමී..
හමුවීම වෙන්වීම...
ගායනය : මංජුල පුෂ්පකුමාර
පද රචනය : කුෂාන් මනේද්‍ර
සංගීතය : විරාජ් පෙරේරා
වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV Music

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...