සොදුරු සීතල යාමේ - සචින් සහ රකිත වේලන්ගොඩ | Soduru Seethala Yame - Sachin & Rakitha - sinhala lyrics


සොදුරු සීතල යාමේ ඔබට ලංවී රහසේ..
උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාසේ...
දම්පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ...
සුළගෙ අප දැවටීලා පියනගමු ලගටම වී...

හදගැහෙන හැමවේලේ ඔබවමයි මා පැතුවේ..
හිම කන්දකින් සඟවා ගන්න බෑ උණුසුම වී..
ඇස්පියන් මත දැවටී යන්නෙපා ඔබ වෙන්වී..
ඔබෙ සුවඳ මා දිවියේ හුස්මෙසේ ඇත ලංවී..

සොදුරු සීතල යාමේ...

අම්බරේ රන්ගිරසේ මගෙ ලොවේ පෑයූවේ..
මල් සුවද පරදවලා සුවඳ ඔබමයි මාගේ..
තරු රෑන සේ දිලෙනා ඔබෙ නෙතේ ආලෝකේ..
ඔබයි මගෙ සද කිදුරී දිවිය ඇතිතෙක් මාගේ.

දම්පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ...
සුළගෙ අප දැවටීලා පියනගමු ලගටම වී...
සොදුරු සීතල යාමේ ඔබට ලංවී රහසේ..
උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාසේ...

නෙතු ඉමේ පායාලා ඉන්න රන් තරුව සේ..
සිත් හැගුම් පුබුදාලා ලංවෙමුද මේ යාමේ..
දේදුන්න වෙත පියඹා පාට තවරා සිහිනේ..
ඔබ මගේ මා ඔබගේ ලියමු අපි අම්බරයේ..

ගායනය : සචින් සහ රඛිත වේලන්ගොඩ
පද රචනය :
සංගීතය : එරංග ජයවංශ


වීඩියෝව ගත්තෙ මෙතනින් - MEntertainmentsPL


Comments

  1. 😍😍😍😍😍😘❤️

    ReplyDelete
  2. ලස්සනයි

    ReplyDelete
  3. Kalekata passe adai ahuwe.wedanai,dukai, namuth adarei,hemadamath ........

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...