අදත් වැස්ස වහින සඳේ
මතක සුවඳ දැනේ
මතකද තෙමුණා දෙන්නා
සීතල වැහි පොදේ //
කැන්ද කැලේ අප දෙන්නා
අකුරට ගිය කලේ
වැස්ස ඇවිත් වන යායම
සීතල වූ සඳේ
මුවා වෙන්න ගස් තිබුණත්
තෙමුණා වැහි පොදේ
අදත් වැස්ස වසිනා සඳ
මතක සුවඳ දැනේ
අදත් ඉතින් වහින දාට
තෙමෙමින් වැසි පොදේ
මගේ හිතේ මතක සුවඳ
අළුත් කරන පැයේ
වැහි හීතල දුරලාගෙන
ගිණි දළුවක් එතේ
මේ වැහි දා අපි දෙතැනක
එකම වැස්ස වැටේ
අදත් වැස්ස වහින සඳේ
මතක සුවඳ දැනේ
මතකද තෙමුණා දෙන්නා
සීතල වැහි පොදේ //
ගායනය - ටී.එම්. ජයරත්න
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - ධර්මසිරි ගමගේ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Nuwan De silva

අපූරු ගීයක්. මේ ප්‍රකම්පනීය රිද්මයට මං හරි ආසයි
ReplyDelete