නැතිද මා කෙරේ - සේනානායක වෙරලියද්ද | Nathida Ma Kere Ada - Senanayaka Weraliyadda - sinhala lyrics


නැතිද මා කේරේ අද ඔබගෙ ආදරේ..
කඳුළු ඇස් දෙකේ තව අඩු නොවේ මගේ..
ඔය තරමට පෙම්කල කිසිවෙක් නොමැති මේ බවේ..
වරද මගෙද රත්තරනේ කියනවද මගේ..

වැටෙනා කඳුලක් ගානේ
ඔබවයි මට සිහිවන්නේ...//
වෙන්වී ඔබ ගිය වේලේ
නැතිද ඔබට දුක දැනුනේ
අතීතයම අද මාගේ - සිහිනයක් වගේ..
සිහිනයක් වාගේ..

නැතිද මා කෙරේ අද...

හෙලනා සුසුමක් මාගේ
ඔබවයි තව විමසන්නේ...
රිදවා සිත හැම වාරේ
ඔබම නොවෙද බොරු කීවේ
අතීතයම අද මාගේ - සිහිනයක් වගේ..
සිහිනයක් වාගේ..

නැතිද මා කෙරේ අද...

ගායනය : සේනානායක වෙරලියද්ද
පද රචනය : සජිත් වී. චතුරංග
සංගීතය : රධීශ් වැන්දබෝනා


වීඩියෝව ගත්තෙ මෙතනින් - Dinusha Kumara

Comments