මේ ගඟ ගලන්නේ - ප්‍රියංකා ගමගේ | Me Ganga Galanne - Priyanka Gamage - sinhala lyrics


මේ ගඟ ගලන්නේ..
අඳුරු තුරු ගොමු අතරින්..
නේක රිදවුම් ඉවුරු බිඳිමින්..
දැනෙන මොහොතෙත් හැඩවෙමින්
මේ ගඟ ගලන්නේ
නේක අවමන් විදිමින්...

ලෝකයෙන් ලද සරදම්..
නිහඬ ලය යට සඟවන්..
සසල සැඩ රළ නිසල කර කර
ගඟ ගලයි සංවේගෙන්..//

මේ ගඟ ගලන්නේ...

ඔබට දුන් මේ සිහිලැල්..
නැවත ලැබුවේ ගිනිදැල්..
ඔබගේ නෙතු අග කඳුළු දුටුවම
ගඟ ගලයි සංවේගෙන්..//

මේ ගඟ ගලන්නේ...

ගායනය : ප්‍රියංකා ගමගේ
පද රචනය : ප්‍රියංකා ගමගේ
සංගීතය : රංජිත් ඩයස්


වීඩියෝව ගත්තෙ මෙතනින් - priyanka gamage


Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...