සියොතුන් ඉගිල ගියා
මල් පිරි සමය නිමා වී //
ඔබ රිදවා දී වේදනා
නෑ මා ඈ වෙත පෙම් බැන්දේ
සියොතුන් ඉගිල ගියා
මල් පිරි සමය නිමා වී
දිවි කුසලානයෙ මී පුරවා
යෙහෙලියෙ ඔබ මට ගෙන ආවා //
දුරු කතරේ ඈ ඇසුරේ
සිත නෑ කිසිදා රැඳුණේ
සියොතුන් ඉගිල ගියා
මල් පිරි සමය නිමා වී //
වියැලුණු දෑසින් කඳුළු දියේ
කෙම් බිම සොයනා මේ ගමනේ //
ඔබ හඬවා නෑ හිනැහී
හෙට මා ඔබගේ සෙවණේ
සියොතුන් ඉගිල ගියා
මල් පිරි සමය නිමා වී //
ඔබ රිදවා දී වේදනා
නෑ මා ඈ වෙත පෙම් බැන්දේ
සියොතුන් ඉගිල ගියා
මල් පිරි සමය නිමා වී
ගායනය - රෝහණ බෝගොඩ
සංගීතය - සරත් ද අල්විස්
ගී පද - රොඩ්නි විදානපතිරණ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Kanchana De Seram
හරිම සුන්දර ගීයක් , බොහොම ස්තුතියි කාළෙකට පස්සෙ මේ ගීයේ රස විඳින්නට අවස්ථාවක් ලබා දුන්නාට
ReplyDelete