දැවෙනා දුක මේ වාවනු බෑ..
කඳුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ..//
මා තරම් කවුරුවත්
ඔබට නම් ආදරේ කරන් නෑ..//
තනියෙන් ගෙවෙනා තත්පරෙත් අපේ
මටනම් දැනුනේ කල්පයක් වගේ..
නැතිකම් දෙනෙතින් දකිනකන් මගේ
ඔබමයි උන්නේ දැවටිලා හදේ...
අපෙ පෙම් කතන්දරේ - අද නතර වී ගියේ..
දුප්පත් කමටයි මගේ..
දැවෙනා දුක මේ...
දෙනුවන් පියෙනා කාලයට මගේ
වැඩිකල් නැති බැව් හිත කියයි ඔහේෙ
නැති මුත් වටිනා මුතු මැණික් අතේ
තවමත් ඔබටයි ආදරේ කලේ..
සැනසුම අරන් මගේ - මට වැඩිකලක් නොවේ
නිදුකින් ඉනු මැන පණ මගේ...
දැවෙනා දුක මේ...
ගායනය : නදීර නෝනිස්
පද රචනය : සජිත් වී. චතුරංග
සංගීතය : රධීශ් වැන්දබෝනා
වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...