මාල ගිරා ගෙල - ටී.එම්. ජයරත්න, ලතා වල්පොල | Mala gira gela - TM Jayarathna, Latha walpola - sinhala lyrics
මාල ගිරා ගෙල
මාල පොටක් බඳු
ගෝමර පෙති මාලේ
පාට සරුංගල්
පාට නෙලාගෙන
රුව දිලෙනා ලීලේ
වතු සුදු මල සේ මා
වත රූසිරු බෝමා
කෝළ කොමළ වරුනේ
සිත බැඳුනා ළඳුනේ
මාල ගිරා ගෙල
මාල පොටක් බඳු
ගෝමර පෙති මාලේ
පාට සරුංගල්
පාට නෙලාගෙන
රුව දිලෙනා ලීලේ
කදිම උවම් යොදලා
කවි සීපද ගොතලා
හීතල දුරුතු මහේ
කියමුද අපි ළඳුනේ
මාල ගිරා ගෙල
මාල පොටක් බඳු
ගෝමර පෙති මාලේ
පාට සරුංගල්
පාට නෙලාගෙන
රුව දිලෙනා ලීලේ
කෙකටිය සුදට සුදෝ
හිරිමල් කැකුළු මුවින්
ටිකිරි හිනා බිංදු
මට දෙනවද ළඳුනේ
මාල ගිරා ගෙල
මාල පොටක් බඳු
ගෝමර පෙති මාලේ
පාට සරුංගල්
පාට නෙලාගෙන
රුව දිලෙනා ලීලේ
ගායනය - ටී.එම්. ජයරත්න, ලතා වල්පොල
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගී පද - අජන්තා රණසිංහ
‘වසන්තයේ දවසක්‘ චිත්‍රපටියෙන්
වීඩියෝව ගත්තෙ මෙතනින් - HumanFrailtz
හිතට වගේම ගතටත් දැනෙන සින්දුවක්...මම අහල තියෙන විදිහට මේ සින්දුවට හම්බ වෙච්ච සම්මානය ලැබුණෙ TM ජයරත්න මහතාට විතරයි. ඒකට හේතුව උනේ ලතා වල්පොල මහත්මිය මේකෙ එක වචනයක් වත් කියන්නෙ නැති වීම ලු.ඒත් ඒක හරිම කණගාටුදායක තත්වයක්....!
ReplyDeleteඑක තමයි. වචන නැති ගැයීම් තියෙනව කියලවත් නොදත් කමිටුවක් වෙන්න ඇති ඉන්න ඇත්තේ.
Deleteහැමදා රස විඳිය හැකි සදාදරණීය ගීතයක්, තනුවක්,කටහඬක්.
ReplyDelete