දෑසේ කතාවෙන් - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි | Dase kathawen - Chandrasena Hettiarachchi - sinhala lyrics
දෑසේ කතාවෙන් හසරැල් ලතාවෙන්
මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
මනමාලියක් වී වෙනතක් බැලූ දා
පර වී ගියේ නෑ මගෙ චේතනා
නිමවූ කතාවන් ගොළු වී තියේ
දෙනෙතේ මැවේ ඔබේ හසරැලි සිතේ
කඳුලක් වුණා ඔබේ
සෙනෙහේ මගේ ලොවේ
දෑසේ කතාවෙන් හසරැල් ලතාවෙන්
මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
මනමාලියක් වී වෙනතක් බැලූ දා
පර වී ගියේ නෑ මගෙ චේතනා
අද හෝ හෙටින් හෝ මතු කවර දා
තනි වූවොතින් ලොවේ ඔබෙ කල්පනා
පිළිගන්නෙමි සදා
මා ඔබෙම වේ එදා
දෑසේ කතාවෙන් හසරැල් ලතාවෙන්
මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
මනමාලියක් වී වෙනතක් බැලූ දා
පර වී ගියේ නෑ මගෙ චේතනා
පර වී ගියේ නෑ මගෙ චේතනා //
ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
සංගීතය - නිහාල් ගම්හේවා
ගී පද - බන්දුල ජයසිංහ
වීඩියෝව ගත්තෙ මෙතනින් - sisira koggalahewa
මට අනුව නම් චන්ද්‍රසේනගේ ජනප්‍රියම ගීතය "යෙහෙලියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින්" වෙලාවක ඒකත් දාන්න
ReplyDeleteගම්හේවා ගායක රැල්ලක් හදල අද කවුරුත් අමතක කරපු සම්පතක්...
ReplyDelete