රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත්වෙලා
වසන්තේ උදාවුණා
වසන්තේ උදාවුණා //
රන් බඳ රන් කුඹු රන් සළු වෙලා
චන්දන අංජන දෙනෙතේ උලා
දෙපයේ කිංකිණි නූපුර සොලවා
මා වෙත ඈ එනවා
රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත්වෙලා
වසන්තේ උදාවුණා
වසන්තේ උදාවුණා
ඇගෙ ළැම රන් ගිරි බෙයද මැදේ
මගෙ ජීවන රජ මැදුර සැදේ
සිහින විමානේ ආදර මතඟන
මා වෙත ඈ එනවා
රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත්වෙලා
වසන්තේ උදාවුණා
වසන්තේ උදාවුණා //
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
වීඩියෝව ගත්තෙ මෙතනින් - Suneth Channaka
වසන්තේ උදාවුණා
ReplyDeleteවසන්තේ උදාවුණා //
මේ දෙවැනි පදයෙ “වසන්තේ“ ද නැත්නම් “දසන්තේ“ ද?
අනුවාද කීපයක්ම ඇහුවා. තැන් දෙකේදිම කියන්නෙ 'වසන්තේ' කියලයි. :-)
Deleteඇග ලැම රන් ගිරි බෙයද මිස දෙයද නෙවෙයි.බෙයද කියන්නේ කන්දට
ReplyDeleteහැදුවා! ස්තූති වේවා!
Delete