අවසන් සැඳෑවයි දෙදෙනා හමු වූ - ලලිත් පොන්නප්පෙරුම | Awasan sandewai dedena hamu woo - Lalith Ponnamperuma - sinhala lyrics
අවසන් සැඳෑවයි දෙදෙනා හමු වූ
මින් මතු නෑ අප හමු වන්නේ
දෛවය ළං කළ අප දෙදෙනාදෝ
වෙන් වී යන්නට සැරසෙන්නේ
ඔබගේ සුන්දර සමනළ ලෝකය
බිඳලන්නට බැහැ කුරිරු වෙමින්
කඳුළු දරාගෙන වෙන් වී යන්නට
සමුදෙනු මැනවි සුහද සිතින්
අවසන් සැඳෑවයි දෙදෙනා හමු වූ
මින් මතු නෑ අප හමු වන්නේ
දෛවය ළං කළ අප දෙදෙනාදෝ
වෙන් වී යන්නට සැරසෙන්නේ
ඉඳ හිට මග තොට හමුවන මොහොතක
ඉවත බලාගෙන යන්න එපා
මේ සංසාරෙදි මා නොපැතූවත්
එය හඟවා රිදවන්න එපා
අවසන් සැඳෑවයි දෙදෙනා හමු වූ
මින් මතු නෑ අප හමු වන්නේ
දෛවය ළං කළ අප දෙදෙනාදෝ
වෙන් වී යන්නට සැරසෙන්නේ
මින් මතු නෑ අප හමු වන්නේ
වෙන් වී යන්නට සැරසෙන්නේ
මින් මතු නෑ අප හමු වන්නේ
ගායනය - ලලිත් පොන්නනම්පෙරුම
වීඩියෝව ගත්තෙ මෙතනින් - lakmal
ගී පැදුරේ මේල් ඇඩ්රස් ඒක කියපියෝ ..මට මේල් එකක් එවන්න තියනාවෝ .. :D
ReplyDeletegeepadura[at]gmail[dot]com
Deleteනියමයි . . මගේ ආසම ගීයක්
ReplyDelete