සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්..
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්..//
මගේ දුක දැක ඔබේ දෙනයන
උපන් කඳුළින් සේදිලා..//
ඔබේ වත නොව ඔබේ හදවත
පුරා සඳ සේ පෑදිලා...
සදාකාලික නොවූ...
එදා ළඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ..//
සදාකාලික නොවූ ලෝකේ
සදා කෙලෙස ද පෙම් බඳින්නේ..
සදාකාලික නොවූ...
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : ආනන්ද අමරසිරි
සංගීතය : රෝහණ වීරසිංහ
වීඩියෝව ගත්තෙ මෙතනින් - buddhikas
ලෝක ධර්මතාව මොනවට පැහැදිලි කරන අපූරු ගීතයක්. මේ ගීත කවදාවත් පරණ වෙන්නෙවත්, එපා වෙන්නෙවත් නැහැ.
ReplyDeleteඇත්ත..මේ වීඩියෝව දැම්මෙත් ඒකමයි...මෙතුමා ගීයට පෙර නිතර දෙන පෙරවදන තවත් වැඩිපුර හිතට දැනෙනවා..!
Delete