වන බඹර කුලේ
පිපි තඹුරු විලේ
සැතපෙන හසරැල්
උපද්දවා
සුව සහන දිදී
ඉඳ බැමිද බැදී
එනු මැන සුළඟින්
උදේ හවා
සිසි කිරණ තරම්
සිහිලසට උවම්
කිසිවක් නැති ඇයි පැවසූ //
මිහි දෙරණ තලේ
ඔබෙ වත කමලේ
දුටුවෙමි සිහිලැල්ල සුදූ
වන බඹර කුලේ
පිපි තඹුරු විලේ
සැතපෙන හසරැල්
උපද්දවා
සුව සහන දිදී
ඉඳ බැමිද බැදී
එනු මැන සුළඟින්
උදේ හවා
දිය දිණිති පවා
මල් කිණිති නවා
අත වනමින් කතා කලේ //
මගෙ ගතට හුරු
සහනය සපිරු
ඔබ සුවඳයි නෙළුම් මළේ
වන බඹර කුලේ
පිපි තඹුරු විලේ
සැතපෙන හසරැල්
උපද්දවා
සුව සහන දිදී
ඉඳ බැමිද බැදී
එනු මැන සුළඟින්
උදේ හවා
උදේ හවා ////
ගායනය, සංගීතය - මර්වින් පෙරේරා
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
වීඩියෝව ගත්තෙ මෙතනින් - Premakeerthi Gee
මීට පෙර අසන්නට නොලැබුණු ගීයක්.
ReplyDeleteපද පෙළ සමග ඉදිරිපත් කර තිබීමට ස්තුතියි...