සතර වරම් දෙවි මහරජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ
පුවක් මල් කිනිත්තෙන් //
පළා පෙති බැඳන් ගෙල වට
හංස පියාපත් සලමින //
නුඹේ පා යටින්
සඳකඩ පහණ පායලා
බ්රහස්පතී තාරකාව
මුදුන් වී සරත් නුබ ගැබ
ස්වර්ණමාලි මහ සෑ අග
කොත් පලන්දලා //
සතර වරම් දෙවි මහරජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ
පුවක් මල් කිනිත්තෙන්
කලා වැව් දියේ උත්පල
නෙලා ගෙනැ ඇඟිලි පොකුරට //
අප්සරාවියන් ලෙන් දොර
බලා හිඳිනවා
වළාහක දෙවිඳු
ඉසිවර ඇසින් බල බලා පුතු දෙස
ඉසුරුමුණි විහාරය ළඟ
අන්න හිඳිනවා //
සතර වරම් දෙවි මහරජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ
පුවක් මල් කිනිත්තෙන් //
ගායනය, සංගීතය - ඩබ්ලිව්.ඩී. අමරදේව
ගී පද - රත්න ශ්රී විජේසිංහ
වීඩියෝව ගත්තෙ මෙතනින් - rathnadeepaother
ගීපොත ගෙනෙන හරේ... ඔබ ඇතුලු සියලුම දෙනාටත් සුබ නව වසරක් වේවා... හොඳ රසිකත්වයක් ඇති මිනිසුන් හමුවේවා....
ReplyDeleteසෙම!
Deleteඇත්තටම ගී පැදුරෙ නිර්මාතෘ රසික තමා :D
සෙම! :D
ReplyDeleteNice song
ReplyDeleteWhat's the meaning of this song pls
ReplyDelete