කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන
අනන්ත බාධක දුක් පීඩා විඳ
භවෙන් භවය යන මං සළකුණු දැක
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා //
සත් සමුදුරු තරණය කර ආවා
සත්කුළු පව් අතරින් දිව ආවා
සත් සමුදුරු තරණය කර ආවා
සත්කුළු පව් අතරින් දිව ආවා
තරු එළියෙන් පියවර මැන ආවා
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා
කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන
අනන්ත බාධක දුක් පීඩා විඳ
භවෙන් භවය යන මං සළකුණු දැක
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා
නොනිමෙන ගමනක ආශා පොදි බැඳ
මිරිඟුව පසුපස දිව යන ඉකි බිඳ
නොනිමෙන ගමනක ආශා පොදි බැඳ
මිරිඟුව පසුපස දිව යන ඉකි බිඳ
දිවි වෙණ වැයුමට ඔබ පසෙකින් හිඳ
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා
ගායනය - නන්දා මාලිනී
සංගීතය - ජයතිස්ස අලහකෝන්
ගී පද - කමලා කුලරත්න/ රත්න හෙක්ටර් දිසානායක
ගී පද ලියා ඇත්තේ ගාමින්ද ප්‍රියවිරාජ් මහතාගේ මව බව ඔහු පහත සබැඳියේ ඇති වීඩියෝවේ පවසයි
ගජමෑන් එයි කියල අපි හිතුවෙත් නෑ ! K tube | Katipe machan 16 | Gaminda Priyaviraj
වීඩියෝව ගත්තෙ මෙතනින් - sudasingha
වීඩියෝව ගත්තෙ මෙතනින් - sudasingha
මතකයන් අවදිකරවන ගීතයක්....
ReplyDeleteසංගීත නිර්මාපකයාගේත් පද රචකයාගේත් නම් දැමීම අගය කරනවා.
පුළුවන් හැම වෙලේම විස්තර දානවා. ඒත් ඒ විස්තර හොයාගන්න තියෙන එකම මාධ්‍ය අන්තර්ජාලෙ විතරයි. ඉතිං අන්තර්ජාලෙ හෙව්වම හම්බවුණේ නැත්නං දාන්න විධියක් නෑ. සින්දු අහන, ඒ ගැන හොයන කවුරුත් තමන් දන්න දෙයක් කියන එක වටින්නෙ ඒ හින්දයි :D
Deleteමේ ගීතයේ රචකයා මෙයා නෙමෙයි. ගාමින්ද ප්‍රියවිරාජ් ගේ (පොඩි මල්ලිගෙ) අම්මා තමයි මේ ගීතය ලිව්වේ...
ReplyDeleteමමත් ඒ වීඩියෝ එක දැක්කා. අපි බලමු හරියටම හොයාගන්න.
Delete