දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි
සැප දුක් සොයා බලන්න
මගෙ දුරකතනයෙ අංකය මතකද
මොහොතක් කතා කරන්න //
රුව දැක ගැන්මට පින් නැත දැන් මට
මතක් උනත් සන්තෝෂයි
කෙලින්ම සවනට රැගෙන ඔබේ හඩ
අහගන්නට හරි ආසයි //
දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි...
ඇසිපිය හෙලනා තරමට වැඩියෙන්
ඔබ ගැන මට සිහිවෙනවා
ඉකිබිඳ හඬනා කිරි දරුවකු මෙන්
මගෙ හදවත වැලපෙනවා //
දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි...
ගායනය - මිල්ටන් පෙරේරා
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - කරුණාරත්න අබේසේකර
වීඩියෝව ගත්තෙ මෙතනින් - shower
වටින කාර්යයක් ඔබ මේ කරන්නේ , බොහොම ලස්සන ගීත බැංකුවක්ම නිර්මාණය වී තිබීම සතුටක් ! ...ස්තුතියි
ReplyDeleteස්තූතියි! කණ්ඩායම වෙනුවෙන්ම.
Delete