දිලීප පොඩි පුතූ සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයාණෙනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ
පරවි දෙපා වැනි
සුලලිත කෝමල
සුමුදු ටිකිරි දෑතේ
පුතු මිට මොලවන්
සඟවා ගෙන ඇත
මා නොලියුව ගීතේ
මහද විමානයෙ
තැන්පත් කල ලේ
බිඳුවක් අඩුව ඇතේ
එය සඟවාගෙන
බිලිඳු වෙසින් ආ
වස්තුව ඔබය පුතේ
දිලීප පොඩි පුතූ සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයාණෙනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ
කුමාරයාණෙනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ
ගායනය, සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - කරුණාරත්න අබේසේකර
වීඩියෝව ගත්තෙ මෙතනින් - LankaMusicTube
ඉතාම සුන්දර ගීයක්. ඒ වගේම කරුණාර්න අබේසේකරයන් දිනක් ගුවන්විදුලි වැඩසටහනකට කිව් ලෙසට මෙය ඔහු විසින් දිලීප උපන් මුල් දිනක රෝහලේ දිලීප සිටි ඇඳ අසල බිම හිඳ ලියා පසුව සිළුමිනෙහි පලකල කවියක්. ක්ලැරන්ස් පසුව ඉල්ලගෙන ඔහුගේ ඥාති වෙනත් දිලීප කෙනෙකුන් වෙනුවන් තමයි මුලින්ම ගයා තිබෙන්නෙ.
ReplyDelete