පෙම් බැන්ද සිත් බැන්ද - චන්ද්‍රකුමාර් කඳනාරච්චි | Pem benda sith benda - Chandrakumar Kandanarachchi


පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉඳු දුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහුබඳින මායා //

රන් තාරකාවෝ
දෙනෙතේ රැඳුනාවේ
මේ සොඳුරු සිහිනේ
කවදා ඉටුවේදෝ ළ‍ඳේ
නිම් හිම් නැතේ
සෙනෙහේ ළදේ
මන්දෝ ළදේ
සැඟවී ගියේ

පෙම් බැන්ද හින්දා
ඉන් මා දැවුණාවේ
මේ සොදුරු පියසේ
නොඇසේ මිහිරි ගීයේ
හැඟුමන් මගේ
ඔබ හා බැඳේ
පැවතුම් ඔබේ
නොදනී ළඳේ

පෙම් බැන්ද සිත් බැන්ද... //


ගායනය - චන්ද්‍රකුමාර් කඳනාරච්චි
සංගීතය - උපාලි කන්නංගර
ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන



Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...