දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායට එළලූ පුන් කුසුමන් සේ බැබලෙයි
ගී රස කණ ලූ වන් සැනකින් මන් පිණවයි
ලාලිත රුසිරූ සුන්දර සන්සුන් ගමනයි
දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායට එළලූ පුන් කුසුමන් සේ බැබැලෙයි
උදයට පේළිය සැදිලා
එන සැටී රූබර අඟනෝ
කර වට ගෝමර මල් පිපිලා
ලැම පිට පවලන් පළඳා
බඳේ වැටෙන හිරු තාපය නොදැනෙයි
ළඳේ නුඹට තුරු සෙවනැලි හුරු නැත
දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායාට එළලූ පුන් කුසුමන් සේ බැබැලෙයි
හිස වට සේලය දවටාලා
ඉණ වට ඔසරිය ඇඳලා
කුඹුරට සීරුවේ බැසලා
තරගෙට සීපද රැව් දීලා
අගේ වඩන රුසිරෙන් සැදි නෙළුමට
රඟේ බලන් සැරසෙන සැටි කදිමට
දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායට එළලූ පුන් කුසුමන් සේ බැබැලෙයි
ගී රස කණ ලූ වන් සැනකින් මන් පිණවයි
ලාලිත රුසිරූ සුන්දර සන්සුන් ගමනයි
ලාලිත රුසිරූ සුන්දර සන්සුන් ගමනයි ///
ගායනය - නීලා වික්රමසිංහ
සංගීතය, ගී පද - සී. ද එස්. කුලතිලක
මේක නීලා වික්රමසිංහ විතරක් නෙමේ මුලින් ගායනා කලේ
ReplyDeleteටී එම් සහ නීලා යන දෙන්නම - පස්සේ දැන් නීලා තනිවම ගයනවා
මේකත් අපේ ජන සංගීතය ගැන පර්යේෂණ පවත්තපු සී ද එස් කුලතිලක මහත්තය ලියල තනු නිර්මාණය කරාපු ගීයක්
මේං මේ ගීතයත් ඒ වාගෙම සී ද එස් කුලතිලක මහත්තය හදාපු ගීයක් - ටී එම් / නීලා - තමා ගැයුවේ
බොහොම ස්තූතියි මේවා නැවත මතක් කරල දෙන එකට
ස්තූති වේවා විස්තරේට! පොස්ට් එක අප්ඩේට් කලා!
Deleteneela wikramasinha kiyana sinduwaka thanuwa american chitrapatayak thula ahuna. thanuwa api ehen aran thiyenne 1990
ReplyDeletehttp://www.youtube.com/watch?v=WJkzHT6ngok
මාරයිනෙ. මේ ගැන මේ ඇහුවමයි!
Deleteඒ american sinduwa mokkd 🥺
Deleteඅපරාදෙ උඩ ලින්ක් එකට අදාල වීඩියෝ එක නෑ දැන්
Deleteමේ සින්දුව නීලා කියන දෑතට වළලු සින්දුවෙ ඔරිජිනල් එක
https://www.youtube.com/watch?v=hiOX3gtCAFA
මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න තව එහෙම වෙන රටවල සින්දුවලින් අරන් ලංකාවෙ හදපු සින්දු ලිස්ට් එකක්ම තියෙන
http://rakee677.blogspot.com/2012/12/golden-english-oldies.html