කවි සීපද ඇහෙන ඈත
කුරහන් මල් පිපෙන රෑට
සරා සඳ පෙමාතුර ගී ගයාවි
වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
නිදි යහනට මල් සුවඳක් නොවේවි
හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි
පහන් සිළෙන් නොදුටුව රුව
පැළ දොර ළඟ සිරියාවට //
හිරු කුමරුට අතවනන්න හදනවා
එපා නගෝ තරහ වෙන්න හිතෙනවා
අද රෑ වස්දඬු රාවය
කියයි හිතේ ඇති ආලය //
තරු මල් සිපගෙන එන පෙම් සිහිනයේ
නැළවීයන් සංකා හැර ප්‍රේමියේ
කවි සීපද ඇහෙන ඈත
කුරහන් මල් පිපෙන රෑට
සරා සඳ පෙමාතුර ගී ගයාවි
වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
නිදි යහනට මල් සුවඳක් නොවේවි
හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි
ගායනය - චන්දන ලියනාරච්චි
සංගීතය - ජයසිරි අමරසේකර
ගී පද - චන්න ජයනාත්
පහන් සිළෙන් නොදුටුව රුව
ReplyDeleteඇළ දොළ ළඟ සිරියාවට...නෙමෙයි...
පැල දොර ළඟ, මෙයා පැල් රකින නිසා රෑට ගෙදර නැහැ...ඒ නිසා කළුවරේ පහන් සිලෙන් දකින්න බැහැ..එත් උදේට ගෙදර එනකොට (පාන්දරින්ම නැගිටලා මූණ සෝදලා, ඔලුව පීරලා දොරකඩ පෙරමග බලන් ඉන්නවා...)
අඩුපාඩුව වුණත් මේ විධියට විස්තරාත්මකව පෙන්නල දෙනකොට හරිම සතුටක් දැණෙනවා. ස්තූති වේවා...
Delete