සඳකත් පිණි දිය කඩා හැලෙනවා
දැව මුවා කුළුණු හිස පහන් නිවෙනවා
මං එනතුරු අද්දර අල්තාරේ
ඉන්නවද බලා
අමීෂා අමීෂා අමීෂා
රබ් අල් කාලි කන්දෙන් පාර අසා
සූවස් සයුරේ රළ රැලිති මකා //
මං එනතුරු අද්දර අල්තාරේ
ඉන්නවද බලා
අමීෂා අමීෂා අමීෂා
නුබියා කතරේ පා සළකුණු නොතියා
නයිල් නිම්නයේ සුළඟටවත් නොකියා //
මං එනතුරු අද්දර අල්තාරේ
ඉන්නවද බලා
අමීෂා අමීෂා අමීෂා
අමීෂා...
ගායනය - කිත්සිරි ජයසේකර
සංගීතය - නදීක ගුරුගේ
ගී පද - චාමින්ද රත්නසූරිය
වීඩියෝව ගත්තේ මෙතැනින් - sunone5
වරක් කිත්සිරි ජයසේකර මෙම සින්දුව ගායනා කර අවසන් වූ පසු, සුද්දෙක් ඇවිත් මෙම ගීතය ගැන ඉතාමත් ප්‍රශංශාත්මක මුඛයෙන් කතා කර තිබෙනවා. ඔහු කියා තිබෙනවා මේ පුංචි රටේ මෙවැනි අග්‍රගන්‍ය ගී තියෙනවායයි ඔහු කිසිසේත් නොසිතූ බව.
ReplyDeleteඇත්තවශයෙන්ම මේක අපූරු ගීයක්. නදීක ගුරුගේගේ සංගීත භාවිතය කෙතෙරම් පොශිතද කියල මේ සින්දුව අහන ඕනෑම පුද්ගලයෙකුට වැටහෙනවා. අග්‍රගන්‍ය නිර්මාණයක්.
මේ රටේ තියෙන වටිනාකම් කියල ඉවර කරන්න බෑ. අඩුම තරමෙ මේ සිංහල භාෂාව කොච්චර පෝසත්ද. මිනිස්සුන්ගෙ වැරදි නිසා නිකන් විනාස වෙලා යන රටක්.
Deleteරුක් අල්කාරී should be RUB AL KHALI,THX
ReplyDeleteස්තූති වේවා!
DeleteThe imagination I get when I listen to this song can't be explained in words.. It's like an epic movie scene in front of my eyes( my eyes are closed tho)
ReplyDeleteIt's not රුබියා.. Should be Nubia kathare.
ReplyDelete(Nubian desert).
Thanks
Thank you very much!
ReplyDeleteThank you very much!
ReplyDeleteNadeeka ge Hima Wassa (https://www.youtube.com/watch?v=MTRof3Fl79g) , Kithsiri ge mudu sanda res , songs deke lyrics denna puluwan nam...Thank you..!!
ReplyDeleteඉතා ඉක්මනින්! :-)
Delete