නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි //
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි //
නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙ
නවෝදයේ තෙද රැඳි හිරු පිපී දිලෙන්නෙ //
පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි //
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි ///
ගායනය, සංගීතය - ඩබ්. ඩී. අමරදේව
ගී පද - ඩෝල්ටන් අල්විස්
විශිෂ්ඨ ඝණයේ නිර්මාණයක්.
ReplyDeleteපදවැල අනර්ගයි තනුවත් විෂිශ්ටයි ගායනය අමරණීයයි. හෙළ රන් දෙරණේ පහල වූ අති විෂිශ්ට කලා යුගයක බිහිවූ වටිනා නිර්මාණයකි.
ReplyDelete👍👍
ReplyDelete