දස බිම්බර මාර සෙනග
තණ්හා රති රගා සමග
පළවා හල වීතරාගි බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා //
සංසාරේ තෙර දකින්න
බලාපොරොත්තුවෙ ඔරුවෙන් //
ගමන් වැඩිය අන්ගීරස
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
සවණක් බුදු රැස් විහිදා
කරුණාවේ මුදු බැල්මෙන් //
මුළු දියතෙහි සිසිල මවා
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
මෙත් ගඟුලේ සෙනෙහෙ ගඟේ
බුදු ගුණ ගී තරඟ නැගේ //
සාදු සාදු සාදු සාදු
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
දස බිම්බර මාර සෙනග
තණ්හා රති රගා සමග
පළවා හල වීතරාගි බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
ගායනය, සංගීතය, ගී පද - සෝමතිලක ජයමහ
ස්තුතියි.. වටිනා ගීතයක්
ReplyDeleteස්තුතියි කැමතිම ගීතයක්
ReplyDeleteසිංහල ගීත කේෂ්ත්රෙයට මහඟු පිටුවහලක් කළ කලා කරුවෙක්.
ReplyDeleteඉතාම උසස් තේරුමක් තියෙන වින්දනීය ගීතයක්.
ReplyDelete