ජීවිතයේ රස මේ යැයි විගසින් //
පමා වෙවී ඉඳිනට නැත වේලා
කාලය ඉගිලී යයි ඉගිලී යයි
සුපුල් දෙතොල් රතු පැහැයෙන් තවරා
මීවිත උතුරා යයි උතුරා යයි
අඩවන් දෑසින්... //
අවුල් දුහුල් වල සිහිල් පහස වැද
නංවන රංගන නොනවත්වනු මැන
ඒ ගී හඩ මුලු ජීවිතයම සතු
රස බර සුළු මොහොතයි සුළු මොහොතයි
රෑ සිහිනෙන් දිව ගා සැපතක් සේ
හෙට දින එය මිය යයි මිය යයි
අඩවන් දෑසින්...//
ගායනය: වික්ටර් රත්නායක
පද රචනය: මහගමසේකර
සංගීතය: සෝමදාස ඇල්විටිගල
මම කොපියක් ගත්තා !! ස්තූතියි ඈ..
ReplyDeletehttp://www.mediafire.com/?3vz3vof03b4pbux
ReplyDeleteඅවුල් දුහුල් වල සිහිල් පහස වැද
ReplyDelete(රංගනා) රංගන නොනවත්වනු මැන
ඒ ගී හඩ මුලු ජීවිතයම සතු
රස බර සුළු මොහොතයි සුළු මොහොතයි
රෑ සිහිනෙන් දිව (ගැ) සැපතක් සේ
හෙට දින එය මිය යයි මිය යයි