උදුම්බරා මනාලියේ
රුවින් උතුම් කුමාරියේ ...//
අංජන මධු සුවඳ පැනින් රෑ සිරි වත දොවා
රංගන මනමාල බැලුම් දෑස කොනේ මවා
ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ
ප්‍රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ
උදුම්බරා.....
කෝකිල රජ දහන් පවා හඩින් උමතු වෙලා
සීගිරි සුර දූත ලඳුන් හොරෙන් මුකුළු කලා
ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ
ප්‍රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ
උදුම්බරා....
ගායනය - දයාරත්න රණතුංග
සංගීතය - සරත් දසනායක
ගී පද - උපාලි ධනවලවිතාන
පළමු අන්තරා කොටස මෙසේ විය යුතුයි..
ReplyDeleteඅංජන මධු සුවඳ පැනින් රූ සිරි වත දොවා
රංගන මනමාල බැලුම් දෑස කොනේ මවා..
පද - උපාලි ධනවලවිතාන
ස්වර - සරත් දසනායක
කාලෙකට පස්සේ.... ස්තූති වේවා!
Deleteබොහොම ස්තුතියි #ගීපැදුර
ReplyDelete