ඈත රන් විමන් දොරින්
පාට සේලයෙන් සැදී..//
මුදු සීත හිම මුදුන් අතරින්
එබී බලනවා...හහ හා හා හා හහ හා...
මේ ලොවින් එහා සිටන්
ඈත ලෝකයෙන් ඇවිත්...//
මුදු නීල පීත ලෝහිත පෑ
ඈත දිලෙනවා...හහ හා හා හා හහ හා...
රෑට තරු දහස් ගණන්
ඈත සුර පුරෙන් වැටී..//
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා...
හහ හා හා හා හහ හා...
ගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වෙලී..//
ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
ගීත මැවෙනවා...හහ හා හා හා හහ හා...
ඈත රන් විමන් දොරින්...//
ගායනය : ප්‍රියා සූරියසේන
පද රචනය : ප්‍රේමකීර්තිද අල්විස්
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
මෙම් ගීතයේ තනු නිර්මානය ක්ලැර්න්ස් විජේවර්ධනයන්ගෙනි.
ReplyDeleteගායනය : ප්‍රියා සූරියසේන
ReplyDeleteපද රචනය : ෂෙල්ටන් වීරරත්න
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
පද රචනයනම් ප්‍රේම්ගෙ කියලයි මතක!
DeleteThis comment has been removed by the author.
Delete