නොමග නොයන් පුතේ - විල්බට් ඇන්තනි | Nomaga noyan puthe obata ratak athe - Wilbert Anthony - sinhala lyrics


නොමග නොයන් පුතේ
ඔබට රටක් ඇතේ //
රටේ දියුණ සැදුම නුඹට
බාරයි මගෙ පුතේ
බාරයි මගෙ පුතේ //
නොමග නොයන් පුතේ
ඔබට රටක් ඇතේ //

අද කැඩු දේ හෙට ඕනෑ
විය හැකි වන නිසා
රටට උරුම කිසිම දෙයක්
බිම නොදමන් නසා
බිම නොදමන් නසා //

තරුණ සවිය රට නැඟුමට
යොදනු සොඳින් සිතා
ඔබේ උපන් බිම කවදත්
ඔබටයි මගෙ පුතා
ඔබටයි මගෙ පුතා //

නොමග නොයන් පුතේ
ඔබට රටක් ඇතේ //
රටේ දියුණ සැදුම නුඹට
බාරයි මගෙ පුතේ
බාරයි මගෙ පුතේ //

යෝධ මහල් නැහැ කොහෙවත්
එක දවසින් තැණුනේ
ගඩොලින් ගඩොලක් තබලා
සෙමින් සෙමින් බැඳුණේ
සෙමින් සෙමින් බැඳුණේ //

දුර නොබලා ඉක්මන් වී
නෑ නෑ පල ලැබුණේ
යන්නෙ කොහේදැයි නොම දැන
නොයන් ගමන් පුතුනේ
නොයන් ගමන් පුතුනේ //

නොමග නොයන් පුතේ
ඔබට රටක් ඇතේ //
රටේ දියුණ සැදුම නුඹට
බාරයි මගෙ පුතේ
බාරයි මගෙ පුතේ //
නොමග නොයන් පුතේ
ඔබට රටක් ඇතේ //


ගායනය - විල්බට් ඇන්තනි
තනුව - දයාරත්න රණතුංග
පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ




වීඩියෝව ගත්තෙ මෙතනින් - මෛත්‍රී සිංහ

Comments

  1. මනා පෞරුෂවත් හඬක් තිබුණු ගායකයෙක්! සුදු නංගි- සුදු සේල අගින්- තව කොච්චර තියෙනවද?

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...