මේ බස් නැවතුම - පුන්සිරි සොයිසා | Me bus newathuma - Punsiri Soyza - sinhala lyrics


මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමුවුනු හැටි දැන උන්නේ
මා තනිවුණ බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ //


ඉස්සර හවසට ඔබ එනතුරු මම
මෙතනම සිටියා දෙනෙත අයා
එකම රියක නැග එකම අසුනෙ හිඳ
ගිය හැටි මතකයි තවම එදා

මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමුවුනු හැටි දැන උන්නේ
මා තනිවුණ බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ


ප්‍රේමය නිමවුන මා අද තනිවම
රියකට මෙතනින් ගොඩවෙනවා
ඒ රියෙහිම ඔබ තව කෙනෙකුන් ළඟ
එකම අසුනේ ඉඳගෙන යනවා

මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමුවුනු හැටි දැන උන්නේ
මා තනිවුණ බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ //


ගායනය - පුන්සිරි සොයිසා
තනුව - අශෝක් පීරිස්
පද - චන්ද්‍රදාස ප්‍රනාන්දු



වීඩියෝව ගත්තෙ මෙතනින් - Rupavahini Tone Poem

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...