මගේ පණ - මිලින්ද සඳරුවන් | Mage Pana - Milinda Sandaruwan - sinhala lyrics


ඊතලයක් විස පොවපූ - වැදුනා වාගේ දැනුණූ..
ඔබ වෙනතක ගිය අයුරූ - සිහිවී වැටුනා කදුළු..
ගිය තැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා..
ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනට මා..

මුහුණට මුණගැහෙනා මගෙ මිතුරන්
විමසන විට දී ඔබේ ගැන...
ඔබ මා හැරදා ගිය බව වචනෙන්
කොහොම කියන්න ද මගේ පණ...//

දුකයි සැපයි මැද්දෙන් - ඔබට මගේ පපුවෙන්..
ආදරේ කලා මහ සාගරේ වැලි කැට තරම්..
ගිය තැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා..
ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනට මා..

මුහුණට මුණගැහෙනා මගෙ මිතුරන්
විමසන විට දී ඔබේ ගැන...
ඔබ මා හැරදා ගිය බව වචනෙන්
කොහොම කියන්න ද මගේ පණ...//

දකින්න බැරි දුරකින් - සැඟව ගියත් රහසින්..
මතකේ පුරා රූපය ඔබේ ඇත මියෙන කල්..
ගිය තැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා..
ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනට මා..

ඊතලයක් විස පොවපූ....

ගායනය : මිලින්ද සඳරුවන්
පද රචනය : සජිත් වී. චතුරංග
සංගීතය : ප්‍රගීත් පෙරේරා


වීඩියෝව ගත්තෙ මෙතනින් - Swara Entertainment


Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...