ඔබ ඇස්පිය නොහෙලා බැලුවා - ශෂිකා නිසංසලා | Oba Ma Hamuwanada - Shashika Nisansala - sinhala lyrics


ඔබ මා හමුවුනදා දෑත් දරා..
පෙරභවයක බැදුනා - මෙන් බැදුනා..
සවනට රහසින් කීවා
මට ආදරෙයි කියා..
මට ආදරෙයි කියා..

ඔබ ඇස්පිය නොහෙලා බැලුවා...///
මගෙ දෑස් දිහා...
මා ඇස් පිය නොහෙලා බැලුවා...///
ඔබෙ දෑස් දිහා...

සන්සුන් සිතින් සිතමි මුළු රෑ පුරා..
දැනෙනා හැඟුම් විදිමි සිහිනේ සරා..
දිගු රැය දිගේ - ඔබෙ රුව මැවේ..
පවසන්න ලංවෙලා - මේතරම් ආදරේ..
කොහෙන්දෝ කියා..

ඔබ ඇස්පිය නොහෙලා බැලුවා...///
මගෙ දෑස් දිහා...
මා ඇස් පිය නොහෙලා බැලුවා...///
ඔබෙ දෑස් දිහා...

සිත්මල් දෙතොල් ලංවී සිතැඟි පුරා..
කොඳුරා වදන් රැදෙමි සඟවා නොයා..
සඳ දිය පිරේ - ඇසිපිය ඇරී..
පවසන්න ලංවෙලා - මේ තරම් ආදරේ..
කොහෙන්දෝ කියා..

ඔබ ඇස්පිය නොහෙලා බැලුවා...///
මගෙ දෑස් දිහා...
මා ඇස් පිය නොහෙලා බැලුවා...///
ඔබෙ දෑස් දිහා...

ගායනය : ශෂිකා නිසංසලා
පද රචනය :  ශෙහාන් ගලහිටියාව
සංගීතය : ප්‍රියන්ත නාවලගේ



වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV


Comments