සිහිනේ විලසේ - අතුල අධිකාරි, සමිතා මුදුන්කොටුව | Sihine Vilase - Athula Adhikari, Samitha Mudunkotuwa


සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා
සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා //

දෑස පුරෝගෙන සීතල කඳුළැලි
සිතුවේ ඔබ ගැනමයි ළඳුනේ
පාළුව අතරේ මා ඔබ ඇසුරේ
සිතුවම් මා සිත හඬවන්නේ
කඳුලින් බොඳවී ආදර ලෝකේ
නෑ හමුවන්නේ අප ආයේ

සිහිනේ විලසේ ...

නාඳුනනා ලෙස ඈතට වෙමු අපි
සැඟවී ගිය පසු මල් සිහිනේ
මා තනි අතරේ මේ ඝන අඳුරේ
කොහි යම්දෝ නෑ වැටහෙන්නේ
සිහිනෙන් සිහිනේ ආදර ලෝකේ
නෑ හමුවන්නේ අප ආයේ

සිහිනේ විලසේ ... //



ගායනය - අතුල අධිකාරි, සමිතා මුදුන්කොටුව


Comments