රන් ගිර මා - නිරෝෂා විරාජිනී | Ran gira ma - Nirosha Virajini


රන් ගිර මා
ඔබ එගිර සිඹින හිරුට සමානා
පන්හිඳ මා
ඔබ එයින් ගෙතන ගීය සමානා //

රන් ගිර හිස හිරු හිනැහෙද
එළියෙන් මුළු ලොව දිදුළද
නමුදු හිරුට ළං වන්නට
වරම් නොමැතියේ
ඉරෙන් ලොවක් එළිවනු දැක
ම සිත බැබලියේ

රන් ගිර මා
ඔබ එගිර සිඹින හිරුට සමානා
පන්හිඳ මා
ඔබ එයින් ගෙතන ගීය සමානා

පන්හිඳ ගෙතු ගී ගැයුවෙද
මිහිරෙන් තුන් හිත නැහැවෙද
නමුදු ගීය දුන් මිහිරට
රුවන් නොමැතියේ
එයින් ලොවක් සැනසෙනු දැක
ම සිත නැලවියේ

රන් ගිර මා
ඔබ එගිර සිඹින හිරුට සමානා
පන්හිඳ මා
ඔබ එයින් ගෙතන ගීය සමානා ///


ගායනය - නිරෝෂා විරාජිනී
සංගීතය - මහින්ද බණ්ඩාර
ගී පද - බන්ධුල නානායක්කාරවසම්

Comments

  1. මම කැමතිම ගීයක්
    පද රචනයට වඩා මම කැමති තනුවට - එහෙම කීවත් සමහර පද හරිම සුගායනීය ලෙස යෙදිල තියනව - හාර්මනිත් ලස්සනට යොදාගෙන තියනව නේද?
    මේකේ සංගීතය කාගෙද මචෝ???

    ReplyDelete
    Replies
    1. ඒකනං මම දන්නෙත් නෑ :-(

      Delete
    2. මිල්ගයා මිල්ගයා! ඕන්න දැම්මා!

      Delete
    3. අහ් සොයාගෙන නේද? මරු!

      Delete
  2. රුවන් ද? උවම් ද?

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...