ඔබ ගාව මම ඉන්නෙමි - මිල්ටන් මල්ලවාරච්චි | Oba gawa mama innemi - Milton Mallawarachchi


ඔබ ගාව මම ඉන්නෙමි
සුසුමන් වගේ යාවෙවී
තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
රෑ සීතලේ ළං වෙවී
තරුමල් කඩා දෙන්නෙමි //

මිණිසේ දිළෙන්නේ තරු සේ නිවෙන්නේ
ඔබගේ සිනා දෑස නේදෝ
නොසැලී තියෙන්නේ සසැලී නොයන්නේ
ඔබගේ මගේ ස්නේහෙ නේදෝ
සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළඳේ
වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන් නෑ ළඳේ

මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වී
ගුවනේ පියාඹන්න වේවි
අභ්‍යාවකාශේ ග්‍රහලෝක ගානේ
මිතුරන් සොයා යන්න වේවි
ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාවයි ළඳේ
දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ

ඔබ ගාව මම ඉන්නෙමි
සුසුමන් වගේ යාවෙවී
තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
රෑ සීතලේ ළං වෙවී
තරුමල් කඩා දෙන්නෙමි //


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය - රූකාන්ත ගුණතිලක
ගී පද - රූකාන්ත ගුණතිලක


සහන් චාමිකර (නව රිද්ම) - ඔබ ගාව මම ඉන්නෙමි..




Comments

  1. මෙලෙසේ දිලෙන්නේ නෙමෙයි මිණිසේ දිලෙන්නේ
    මිණි = මැනික්

    ReplyDelete
  2. තනියේ' කියන්නෙ විජිතයක්. විමානයක් ගැන අදහසක් . එහේ ඉන්න පුලුවන් උපරිමයෙන් දෙන්නෙක්ට විතරයි . ''තනියේ'' හී ජීවිතය තියෙන්නෙ තුරුල් වීමෙන් විතරයි. ඒකෙදි කරන්න පුලුවන් මුමුණන එක මිසක් කෑ ගහන එක නෙවෙයි . කෑ ගැහුවොත් වෙන්නෙ ඒ හරියට ශිෂ්ටාචාරය කඩාගෙන වදින එක. ඒ කියන්නෙ තනියේ හි තියෙන්නෙ මිනිස්සු හැර අනිත් හැම දෙයක්ම කියන එකයි . මේ විමානය , එහෙමත් නැත්තම් තනියේ විජිතය තියෙන ඕනෙම තැනක් සීතලයි . මොකද තනියෙ තුරුල් වීම කියන්නෙ කිසිවෙක් නොවු තැනක විශාලකමක් මැද ඉඳීම නිසා දෙදෙනෙකු අතර සිද්ධ වෙන දෙයක් .

    ඉතින් ඒකට සීතලත් එකතු වුනාම තමයි තනියේ කියන විජිතය පරිපූර්ණ වෙන්නෙ. මෙහෙම තැන් ලංකාවෙ සෑහෙන්න තියෙනව. හන්තාන, රිවස්ටර්න්, ලෝකාන්තය වගෙ ගොඩක් තැන්.. තනියේ කියන මිනිස් නොමිනිස් දේ වල ඉඳීම ගැන භාවනාත්මක වෙන්න ඕනෙ අයට , ඒ අත්දැකීම ගන්න ඕනෙ අයට , මෙහෙම තැන් හොයාගන්න අවශ්‍ය නම් ඕනෙ පුංචි දෛර්යයකුත්, ශිෂ්ටාචාරය ගැන විවේචනයකුත් විතරයි . . ඉඳල බලන්න , එතනදි ඔබ දෙදෙනා කියන හැම වචනයකින්ම පිට වෙන්නෙ සඳ තරු සීතල උණුහුම අභ්‍යවකාශය මරණය මරණින් මතු පැවැත්ම දෙවිවරු වගෙම හුස්ම ගන්ඩ හඬත් පමණයි . ට්‍රයි කරල බලන්ඩ ..!!!

    ReplyDelete
  3. මේ සින්දුව මගෙ ජීවිතයේ ගොඩක් දැනුන සිංදුවක්

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...