බෝධියේ විහාරයේ - නීලා වික්‍රමසිංහ | Bodhiye Viharaye - Neela Wickramasinghe


බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැලවුන දා
මුළු ලොවටම රෑ වෙනවා //

මල් පොහොට්ටු මා හදේ
සුරංගනා පොකුණේ
මල් වරම් ලැබ පිපෙන තුරා
ඔබ නටුවෙන් බිඳිනු එපා

බෝධියේ විහාරයේ...

ජීවිතේ කියා හඬින්
සිනා සිසී හිදිනා
ඒ සිනා මා බොළඳ නෙතේ
උණු කදුළක් කරනු එපා

බෝධියේ විහාරයේ... //


ගායනය - නීලා වික්‍රමසිංහ
සංගීතය - සරත් දසනායක
ගී පද - අජන්තා රණසිංහ



Comments