අහස දිහාවට - ස්කිට්සෝ | Ahasa dihawata - Skitzo


එක දවසක් අහස දිහාවට
ඇහැ ඇරියම රෑක
තරු කැට එක එක කඩා වැටෙනවා
අහුලන්නද කෝම
අහස තරහදෝ මං එක්කං
කියන්නේ මං කාට
පුංචිම කාලේ දැක්කට පස්සේ
දැක්කෙත් අද අහස
ලොවම ඔබේ යට මං වාගේම
හිනාවෙන්න අහස
ඔබව අපව දුර නොවන වගට
තව ළං වෙන්නකො අහස

එක දවසක් අහස දිහාවට
ඇහැ ඇරියම රෑක
තරු කැට එක එක කඩා වැටෙනවා
අහුලන්නද කෝම
අහස තරහදෝ මං එක්කං
කියන්නේ මං කාට
පුංචිම කාලේ දැක්කට පස්සේ
දැක්කෙත් අද අහස
ඔබේ වියන යට ඔබේ නිවන යට
හැර යන්නද කාව
තරහා අවසරයි අපේ අහස යට
අපි අපිමයි තාම



ගායනය - සුදන්ත මාධව, ස්කිට්සෝ
සංගීතය - තරිඳු ජේ. ප්‍රේමරත්න
ගී පද - සුදන්ත මාධව

Comments