ඔබ සොයනා කළු කෙල්ල මමයි - ඉන්ද්‍රාණි පෙරේරා | Oba soyana kalu kella mamai - Indrani Perera


නෙත් යුග රන් තරු යුවල තමයි
තොල් පෙති නා දළුවලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි

අඳුරින් බර වැහි කතරෙ පවා
ආලෝකය දෙමි උදය හවා
ගිමනට සීතල සෙවණ මවා
දිය දහරක් වෙමි පවස නිවා
දිය දහරක් වෙමි පවස නිවා

නෙත් යුග රන් තරු යුවල තමයි...

රළ ලෙස ජීවන දිය දහරේ
අත ගෙන එමි ඔබ යන පාරේ
සුපුරුදු ගතිගුණ අත නෑරේ
දුක හෝ සැප විඳ ගමු මිහිරේ
දුක හෝ සැප විඳ ගමු මිහිරේ

නෙත් යුග රන් තරු යුවල තමයි
තොල් පෙති නා දළුවලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි

ඔබ සොයනා කළු කෙල්ල මමයි////


ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා
පද රචනය - හේම ශ්‍රී ද අල්විස්
සංගීතය - වික්ටර් දළුගම

ත්‍රී සිස්ටර්ස් මුල් ගායනය


Comments

  1. පද : හේම ශ්‍රී ද අල්විස්
    සංගීතය : වික්ටර් දළුගම
    කළු කෙල්ල මමයි සංගීතය ස්ටැන්ලි පීරිස් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි වැරදි නිවැරදි කලාට...!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...