හැමදාම හඬන සිත - රොමේෂ් සුගතපාල | Hamadama Hadana Sitha - Romesh Sugathapala


හැමදාම හඬන සිත හදන්න ඔබ ලඟ නෑනේ..
කවුරුවත් එපා ඔබ හැරුනම දුක දැනුනාවේ..
ඉස්සර වගෙ හීනෙන්වත් දැන් එන්නෑනේ...
මට විතරද දුක දෙන්නේ මං දන්නැනේ...

සඳ මඬලට උපමා කර - කවි ලියු කාලේ...
කාගෙත් දුක දැනෙනා හිතක් - ඔබ සතු වූයේ..
කදුළු ගලා ඔබ අද මට හිනැහෙනවානේ..
ඔබවම සිත පතනා කරුණ මං දන්නැනේ...

හැමදාම හඬන සිත....

නෙතු තෙමුනා මගෙ මතකෙට - ඔබ එන ගානේ..
තාම හිතේ ඔබ හැරුනම - කවුරුත් නෑනේ...
අද නැති මුත් ලඟ සිටි දා සිත හැදුවානේ..
හිත මේ තරමට අසරණ ඔබ හින්දානේ..

හැමදාම හඬන සිත....

ගායනය - රොමේෂ් සුගතපාල
සංගීතය - අජිත් පෙරේරා
පද - බුද්ධික අනුරාධ


Comments