අඳුරු අහසක රෑ කැටයම් - රකිත වේලන්ගොඩ | Anduru Ahasaka - Rakitha Welangoda


අඳුරු අහසක රෑ කැටයම්..
සඳකි තනිකම් කල සිත්තම්..
ඔබට තවකෙක් පමණක් නම්..
මියෙමි සඳවත අද මා නම්..

නොනිමි කඳුලක පටලා හද..
අඳුර කිම සැඟවී දුර තෙර..
කිබඳ මහද ද ඔබ වූ සඳ..
කිමද ඉකිබිඳ හදවත අද..

නොපිපි කොඳ කුසුමකි කිබිඳ - මා පැතු සෙනේ...
මඟ නොදැන ඔබ යන මඟ දැක - මිය යනු කෙසේ...
නිවිතක් නැතත් මා හඬවා - ලතැවුල් වැයේ...
මේ ජීවිතේ ඔබ නැතිනම් - හිම මෙන් දියේ...

අඳුරු අහසක රෑ කැටයම්.....

මුකුලිතව සිත වත නෙත රැදි - කඳුලයි නෙතේ..
සිතක දුක දැක දැක ඔබ මෙන් - වෙන්වී දියේ..
නිවිතක් නැතත් මා හඬවා - ලතැවුල් වැයේ...
මේ ජීවිතේ ඔබ නැතිනම් - හිම මෙන් දියේ...

අඳුරු අහසක රෑ කැටයම්.....

ගායනය : රකිත වේලන්ගොඩ
පද රචනය : හිරාන් විජේසිංහ
සංගීතය : රකිත වේලන්ගොඩ

Comments