නීල නෙතු යුග - නදීක ගුරුගේ | Neela nethu yuga - Nadeeka Guruge - sinhala lyrics


නීල නෙතු යුග දිළෙන තරමට රහස මම දුටුවා
කෝල බැල්මෙන් මුවග සිනහව ආදරෙයි කීවා
රෝස පාටින් දිළෙන දෙකොපුල හාදුවක් සෙව්වා
කොහේ සිටදෝ පැමිණියේ නුඹ මගේ සිත කීවා

තෙමුණු දෙතොලින් බේරි බේරී නුරා රස සොයනා
දුහුල් සළුවෙන් වෙලුණු ඉඟ සුඟ සිතුවමක් මැව්වා
ගමන හැඩකර ගතම නලියන කිඳුරියක හැඟුණා
කොහේ සිට ඔබ පැමිණියේදෝ මගේ සිත කීවා

අවුළුවා සිත දැහැන් බිඳලා නුඹේ රුවම සොයනා
සිහින ලොවකට ගෙන ගියේ මා නුඹෙ සුරත පටලා
සරාගී නුඹ ගියාදෝ අද මගේ සිත දවලා
කොහේ සිටදෝ පැමිණියේ නුඹ මගේ සිත සොයලා

නීල නෙතු යුග දිළෙන තරමට රහස මම දුටුවා
කෝල බැල්මෙන් මුවග සිනහව ආදරෙයි කීවා
රෝස පාටින් දිළෙන දෙකොපුල හාදුවක් සෙව්වා
කොහේ සිටදෝ පැමිණියේ නුඹ මගේ සිත කීවා



ගායනය, සංගීතය - නදීක ගුරුගේ
ගී පද - ශීලා කෝනියාරිස්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Nadeeka Guruge

Comments