ක්ෂීර සාගරේ තුරුණු මැදියමේ
රිදී වරල් සේ රළ කැළඹේ
වෙරළට ඇවිදින් දෙපා සිඹින විට
ගිණිගත් හදවත සුපහන් වේ
මට ඔබ සිහිවෙයි
ඔබ මේ රළ පෙළ වාගෙයි
ගොර බිරම් හඬින් විටෙක කෑ ගසා
සිහින් සරින් තව විටෙන ළය නිවයි
ආදර ලොව මහ සයුරක් සේ
ධන නිදහන් දී සිහිල සදා
නොපැතු විටක රැළි සුළි නංවා
ජීවිත ඉල්ලයි
ඔබ මහ මුහුදක් වෙනවද
සැඩ බිඳි වෙරළේ රළ පෙළ වෙනවද
නැතිනම් රැළි සුළි අටවා
මා හසුවන තුරු බලා හිඳිනවද
බිලිවන්නට පෙර අසමි
එක හිතකින් පිළිතුරු පතමි
බිලිවන්නට පෙර අසමි
එක හිතකින් පිළිතුරු පතමි
ගායනය - ජයන්ත රත්නායක
තනුව - රෝහණ වීරසිංහ
පද - බන්දුල නානායක්කාරවසම්
වීඩියෝව ගත්තෙ මෙතනින් - shower

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...