මල් මුතු දා මේ - විජය කුමාරතුංග ‍| Mal muthu da me - Vijaya Kumarathunga - Sinhala lyrics


මල් මුතු දා මේ ගෙල සැරසූ සේ
අරුණෝදේ දකින්නේ
වනවිල් තීරේ පියුමී වාගේ
වසන්තියයි මාගේ //

නෙත් මල් පෙම් සිත්
ළං වුණ මොහොතේ
පායා සුදිලෙන්නේ //
මා හා එක් වූ සිසිලස් දහරේ
සඳ කුමරී ඔබ වේ

මල් මුතු දා මේ ගෙල සැරසූ සේ
අරුණෝදේ දකින්නේ
වනවිල් තීරේ පියුමී වාගේ
වසන්තියයි මාගේ

මිහිදුම් පිණි මල්
පිපි ගම්මානේ
සිහියෙන් නොමැකෙන්නේ //
වෙන් වී යන දා සසල නොවන්නේ
ඔබේ දෙනෙත් පමණී

මල් මුතු දා මේ ගෙල සැරසූ සේ
අරුණෝදේ දකින්නේ
වනවිල් තීරේ පියුමී වාගේ
වසන්තියයි මාගේ //

ගායනය - විජය කුමාරතුංග
සංගීතය -
ගී පද -




වීඩියෝව ගත්තෙ මෙතනින් - Wasantha Opanayaka

Comments

  1. me sinduwata nam mama thamath kemathi.
    https://www.beforewesleep.com/adare-lyrics-sajitha-buvi/ me sinduwe sajithge singing talent ekath hodai.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...