මට එපා ඔබේ හසරැලි බිඳක් - ෂර්ලි වෛජයන්ත | Mata epa obe hasareli - Shirley Waijayantha - sinhala lyrics
මට එපා ඔබේ හසරැලි බිඳක්
හද වේදනා දෙනවා
මට එපා ඔබේ දෙනුවන් කැළුම්
හද වේදනා දෙනවා //
සිහින ලොවේ මා අද තනි වෙනවා
සිතිවිලි සයුරු තෙරේ //
නුඹට කාරි නැත මගේ දුකට මම
ගී පද වැල් ලීවේ //
මට එපා ඔබේ හසරැලි බිඳක්
හද වේදනා දෙනවා
මට එපා ඔබේ දෙනුවන් කැළුම්
හද වේදනා දෙනවා
මතු දිනයකදී මාගෙන් සමුගෙන
ඔබ ඉවතට යනවා //
අපේ මතකයේ බිඳුවක් ඔබ හට
තිබුණොත් සෑහෙනවා //
මට එපා ඔබේ හසරැලි බිඳක්
හද වේදනා දෙනවා
මට එපා ඔබේ දෙනුවන් කැළුම්
හද වේදනා දෙනවා ///
ගායනය, සංගීතය, ගී පද - ෂර්ලි වෛජයන්ත
වීඩියෝව ගත්තෙ මෙතනින් - kasshapa
Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...