මා හා කතා කරනවානං
උඹ ඇඳුම් ගලවන් වරෙන් මුලින්
උඹ මහ සෝබන ඇඳුම් ඇඳගෙන නම්
මට ලැජ්ජයි මමත් ඇඳින්නං ඇඳුම්
මං ආස නුඹේ නිරුවතටනේ
ඇඳුම් ගලවලා හිනැහෙමු ඔහේ
ඔය ඇඳුමට උඹ හරිම කැතයි
උඹෙ හම කළුද සුදුද කියා
මම ඇහුවෙත් නැහැ ඕනෙත් නැහැ
ඒ පාටක් නැති නිරුවත හොයා
අපි ඔක්කොම ඉතින් ඇඳුම් ගලවමු
අපි මහගත්ත ඒ ඇඳුමටම දැන්
අපෙ ලස්සන ඔහේ මැකිලම ගිහින්
ඔය ඇඳුමට උඹ හරිම කැතයි
උඹ මට ආදරෙයි කියනවානම්
මගෙ ඇඳුම් ගලවල බලන් මුලින්
අපි දෙන්නම නිරුවත් වුණොත්
ඒ ශෘංගාර රෑ ආදරේ කරන්
ඒ ආදරේ මහා ගැඹුරුයි එහේ
කිසි ඇඳුමක් නැති නිරුවත් ලොවේ
ඒ ඇඳුමට අපි හරිම කැතයි
මේ ඇඳුමට අපි හරිම කැතයි
ගායනය, සංගීතය, ගී පද - ARJUMANN (අර්ජුමාන්)
මෙතනින් - ARJUMANN
ඔබ කියන මේ ගැඹුර තේරැම් ගන්න හැකි දාට අපි දිනුම්! සුපිරි! හඬත් හරිම ලස්සනයි
ReplyDelete