මන බන්දන මුහුණ නුරා - ලක්ෂ්මන් හිල්මි | Mana bandala muhuna nura - Lakshman Hilmi - sinhala lyrics


මන බන්දන මුහුණ නුරා
කැල්මෙන් මත් වුණා
පාද කිකිණි හඬ ලන සංගීතේ
මුතුහර ගෙල පැද්දේ
ගී ගයන විලාසේ
නෙතු අග බැල්ම නුරා
මන බැඳ මටද හොරා
මන බන්දනා


කෙහෙ රැල්ලේ නැලවිල්ලේ ඔය නළලේ
ලෙලෙමින් නැටු තාලේ
පුළුලුකුලේ මිණි මෙවුලේ කැළඹිල්ලේ
සියොළඟ ඔකඳ කළේ

තනි යහනේ උන්නාම නිදි දෙව් දූ නාවාම
ඔය රූ ඇඳගන්නේ මා හදේ //

මන බන්දන මුහුණ නුරා
කැල්මෙන් මත් වුණා
පාද කිකිණි හඬ ලන සංගීතේ
මුතුහර ගෙල පැද්දේ
ගී ගයන විලාසේ
නෙතු අග බැල්ම නුරා
මන බැඳ මටද හොරා
මන බන්දනා


රෑ යහනේ සුව නින්දේ පෙම් සිහිනේ
ඔබ හා තනි වෙන්නේ
රන් තැල්ලේ බැඳ බෙල්ලේ මංගල්ලේ
කවදද සිදු වෙන්නේ

පෙම් ගීත ගැයුවාට මං ආල පෑවාට
අතගන්න බැරි වෙයිද මා සුදෝ //

මන බන්දන මුහුණ නුරා
කැල්මෙන් මත් වුණා
පාද කිකිණි හඬ ලන සංගීතේ
මුතුහර ගෙල පැද්දේ
ගී ගයන විලාසේ
නෙතු අග බැල්ම නුරා
මන බැඳ මටද හොරා
මන බන්දනා


ගායනය, සංගීතය - ලක්ෂ්මන් හිල්මි




වීඩියෝව ගත්තෙ මෙතනින් - My love song

Comments