මල් මල් හිනා ඔබේ මුවේ - ෂර්ලි වෛජයන්ත | Mal mal hina obe muwe - Shirley Waijayantha - sinhala lyrics


මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලේ
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී //

තාරුකා සඳ පායලා
එළිය දේ මේ රැයේ
ඔබ මගේ සඳ තාරකාවී
එන්න පායලා //

මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලේ
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී

පායනා සඳ වාගෙ හිනැහී
එන්න මහදේ වෙලී
ඔබ මගේ මිහිරාවියක වී
ඉන්න සැම කල්හී //

මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලේ
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී //


ගායනය, සංගීතය, ගී පද - ෂර්ලි වෛජයන්ත






වීඩියෝව ගත්තෙ මෙතනින් - Mervyn Rozairo

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...