බිඳුණු පෙමක විරහ විරාමේ - පුන්සිරි සොයිසා, ස්වර්ණලතා කවීශ්වර | Bindunu pemaka wiraha wirame - Punsiri Soysa, Swarnalatha Kaweeshwara - sinhala lyrics
බිඳුණු පෙමක විරහ විරාමේ
හද හඬනා හඬ මට දැනුණේ
ඒ කඳුළු බිඳක ඔය රුව මැවුණේ
නිසල පෙමක උරුමය ලැබුණේ
සුසුමේ උණුසුම ලබමින් නෑ ළතවන්නේ
ඈත මතකයෙන් වෙන් වී මා ළඟ ඉන්නේ
හිත නෑ දැන් තනිවම ඉන්නේ
මැණිකේ මා ළඟ හිනැහෙන්නේ
බිඳුණු පෙමක විරහ විරාමේ
හද හඬනා හඬ මට දැනුණේ
ඒ කඳුළු බිඳක ඔය රුව මැවුණේ
නිසල පෙමක උරුමය ලැබුණේ
හද සෙවනේ සිසිල ලබා විඩා නිවන්නේ
මගේ පෙමිනි සුහද ඔබේ දිවිය නිවන්නේ
හද සෙවනේ සිසිල ලබන්නේ
ඔබේ පෙමිනි යලි උපදින්නේ
බිඳුණු පෙමක විරහ විරාමේ
හද හඬනා හඬ මට දැනුණේ
ඒ කඳුළු බිඳක ඔය රුව මැවුණේ
නිසල පෙමක උරුමය ලැබුණේ
ගායනය - පුන්සිරි සොයිසා, ස්වර්ණලතා කවීශ්වර
සංගීතය - ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු
ගී පද - කුසුම් පීරිස්
වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika


Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...