මල් මාලතී ලතා
අඳුරේ මිලාන වී
මේ පාළු රාත්‍රියේ
නොපිපී බලා හිඳී //
මල් මාලතී ලතා...
හැඬූ සිතේ විඩා නිවා
ඇදේ මාරුතේ
හැපී බිඳෙන ප්‍රේමයේ
සෝ සුසුම් ලෙසේ //
කිසිදාක නොමැත ආදරේට
ලැබී ආදරේ
මල් මාලතී ලතා
අඳුරේ මිලාන වී
මේ පාළු රාත්‍රියේ
නොපිපී බලා හිඳී
මල් මාලතී ලතා...
ගැලූ සිනා ගඟේ ගිලී
ගියෙද ආදරේ
හඬා වැටේ ප්‍රාර්ථනා
පෙම් උයන් තෙරේ //
කවදාක සුවඳ යළි දැනේද
නැවුම් ස්නේහයේ
මල් මාලතී ලතා
අඳුරේ මිලාන වී
මේ පාළු රාත්‍රියේ
නොපිපී බලා හිඳී
මල් මාලතී ලතා...
ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - සරත් ද අල්විස්
ගී පද - කුමාරදාස සපුතන්ත්‍රී
වීඩියෝව ගත්තෙ මෙතනින් - Aparna Gamage

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...