තරහක් නෑ අදත් තුන් හිතේ වත් මගේ
හිමිකම් නැති නිසා අපි අපෙන් වෙන්වුනා..
මා හෙට මළත් - එහෙමමයි ආදරේ..
මේ තරම්වත් නුඹයි මාව ජීවත් කලේ..//
හීන තිබුනේ නෑ පෙර මාගේ ලෝකයේ..
නොකියා නුඹ ඇවිත් දුන්නාම ආදරේ..
වරදේ පැටලිලා - හිතුමතේ පෙම් කළා..
මා හිස්හදේ සෙනෙහේ ඉතිරුනේ..
මා හෙට මළත් - එහෙමමයි ආදරේ..
මේ තරම්වත් නුඹයි මාව ජීවත් කලේ..
ආයෙමත් පරාද වූ මේ ජීවිතේ..
නොකියා ඇයි ගියේ අද ඔහුගේ උණුහුමේ..
නිකරුනේ ලංවෙලා - උපරිමේ පෙම්කලා
මේ වේදනා තිබුන දෙන් ගොළුවෙලා..
මා හෙට මළත් - එහෙමමයි ආදරේ..
මේ තරම්වත් නුඹයි මාව ජීවත් කලේ..
තරහක් නෑ අදත්...
ගායනය - හර්ෂ ධනෝෂ්
සංගීතය - චන්දන වල්පොල
පද රචනය - රේරු
වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV Music
එපාම වෙච්ච විලාප සින්දු අතරේ ටිකක් විතර හිතට දැනුනු සින්දුවක්.
ReplyDelete