හීන තිබුනට කෝටියක් (බොර වෙලා) - ෂයාමෙන් දංගමුව | Heena Thibuna Kotiyak (Bora Wela) - Shyamen Dangamuwa - sinhlala lyrics


බොරවෙලා දියවෙලා
ගලනවා ඔහෙ කානුවේ..
හොදත් නෑ නරකකුත් නෑ
මුකුත් නෑ මේ ජීවිතේ...
හීන තිබුනට කෝටියක්
අතේ නෑ එක රුපියලක්...//

හිනාවෙන්නට බලන් හිටියට..
සැපක් ගැන හිත පෙරුම්පිරුවට..
අනුන්ගේ සැප බලෙන් උදුරන්..
අපේ කරගත්තොත් මිසක්..

අදත් නෑ හෙටත් නෑ - අපිට සැපතක් ලැබෙන්නෑ..//
හීන තිබුනට කෝටියක් - අතේ නෑ එක රුපියලක්...//

ආදරේ හදපුරා දිව්වට
කිතිකැවී හිත බලන් හිටියට
දුන්න උදුරන් මල්සරාගෙන්
අපිම විදගත්තොත් මිසක්

අදත් නෑ හෙටත් නෑ - අපිට ආදරේ ලැබෙන්නෑ..//

කොරවෙලා දියවෙලා..

ගායනය : ෂ්‍යාමෙන් දංගමුව
පද රචනය : සද්ධාමංගල සූරියබණ්ඩාර
සංගීතය : දිනේෂ් දිසානායක

“හාර කෝටිය“ ටෙලිනාට්‍යයේ තේමා ගීතය


වීඩියෝව ගත්තෙ මෙතනින් - Swarnavahini TV 

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...