මගේ ජීවිතේ පුරා - සේනානායක වෙරලියද්ද | Mage Jeewithe Pura - Senanayaka Weraliyadda - sinhala lyrics


මගේ ජීවිතේ පුරා... එකම සිතින් ප්‍රාර්ථනා...

මගේ ජීවිතේ පුරා...
එකම සිතින් ප්‍රාර්ථනා...
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමි....
සඟවා තබා ගමි....

සඳ සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා..//
කවදාවත් නෑ තරහ වෙලා
අද නෑ..... අද නෑ තාරකාවී..
අඳුරෙන් වැසී ගියේ..
අඳුරෙන් වැසී ගියේ..

මගේ ජීවිතේ පුරා....

සුදු වැලි යට අද සැතපීලා
ඝන අඳුරින් ලෝකය වැසිලා..//
ඉවසා ගන්නේ කෙලෙසද මා
යළි නෑ.......යළි නෑ ආයෙ එන්නේ..
වෙනදා වගේ සදා..
වෙනදා වගේ සදා..

මගේ ජීවිතේ පුරා...

ගායනය : සේනානායක වේරලියද්ද
පද රචනය : ශාන්ත දේශබන්දු
සංගීතය : සේනානායක වේරලියද්ද


වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika

Comments

  1. මට පද අමතක ගොඩක් සින්දු වල පද හොයන්න මම එන්නේ මේ අඩවියට.
    බොහෝම ස්තූතියි

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...